Posts

Showing posts from August, 2022

නවකතාව (කොටස් අංක 1)

Image
  අල්ලපු ගෙදර  "ජීවිතය වූ කලී, සුන්දරවූත් අසුන්දරවූත් මතක පිටු අතර සැරිසරනා අපූර්ව  චාරිකාව කි.  මතක මන්දිර රැඳි  ජීවිත චාරිකාවේ අවසානය, කඳුළක් වුව ද එහි අනුවේදනීය මෙන් ම රසබර සංසිද්ධීන් අමතක නොවනා  මතක  කතාවකි....."   ආරම්භය  " ඉදං මේ     ඥාතීනං   හෝතු  සුඛිතා හොන්තු  ඥාතයෝ ඉදං මේ  ඥාතීනං  හෝතු සුඛිතා හොන්තු   ඥාතයෝ ඉදං මේ     ඥාතීනං  හෝතු  සුඛිතා හොන්තු ඥාතයෝ...." "ඔබ අප නමින් මියගිය කුමාර උපාසක මහත්තයා නැත්නම්  අපි  හැමෝම දන්නා අල්ලපු  ගෙදර මහත්තයා  හට මේ පින් ලැබේවා! .ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකින්නට  මේ පින හේතු වේවා!" - - - - - - - - - - - - -  හිතුවටත් වඩා සීයාගේ  මරණ වැඩ කටයුතු  සියල්ල ම අඩුපාඩුවක් නැතුව ම කරගන්නට හැකි වූයේ පවුලේ  නෑදෑයන්, හිතමිත්‍රාදීන්  වගේ ම අහළ පහළ උදවියගේ ද  නොමසුරු දායකත්වය තුළිනි.   සීයගේ හත් දවසේ දානමය පුණ්‍යකර්මය අවසානයේ මමත්  මගේ සැමියා සමුද්‍රත් අපගේ නිවසට පැමිණියේ දෙදෙනාගේ ම රැකියා කටයුතුවලට නැවත සුපුරුදු පරිදි සහභාගිවීමේ අටියෙනි . සමුද්‍රත් මමත් එක ම රාජ්‍ය ආයතනයක සේවය කරන අතර එහිදී හඳුනාගත් මිතුදම කෙළවර වූයේ  මී