Posts

Showing posts from September, 2022

අරගලයට ගියෙමි

Image
 බඩගිනි තැබුවත් ලිපේ ඉදෙන්නට අම්මා බලන් ඇති මම එනකල් මඟ  බූන්දි මල්ලට ඉව කරමින් තව  පොඩි උන් කඩුල්ලෙ හූල්ලමින් ඇත  ආවෙ කියන්නයි දුක සැමදෙන අප  නොගියෙ කරන්නයි අවසන් මේ දුක  නමුදු උරුම වුනෙ පොලු පහරයි තද  රිදුනෙ හදවතයි පොලු පහරින් මට  අම්මට දුක්ගිණි මදිවට මේ දුක  එනිසයි නොකීවෙ මේ දුක මේ ලෙස  නොගියත් නිවසට  සුමානෙකින් මම  බූන්දි මසවුල පරිස්සමින් තව