නවකතාව (කොටස් අංක 1)
අල්ලපු ගෙදර
"ජීවිතය වූ කලී, සුන්දරවූත් අසුන්දරවූත් මතක පිටු අතර සැරිසරනා අපූර්ව චාරිකාව කි.
මතක මන්දිර රැඳි ජීවිත චාරිකාවේ අවසානය, කඳුළක් වුව ද එහි අනුවේදනීය මෙන් ම රසබර සංසිද්ධීන් අමතක නොවනා මතක කතාවකි....."
ආරම්භය
"ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ
ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ
ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ...."
"ඔබ අප නමින් මියගිය කුමාර උපාසක මහත්තයා නැත්නම් අපි හැමෝම දන්නා අල්ලපු ගෙදර මහත්තයා හට මේ පින් ලැබේවා! .ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකින්නට මේ පින හේතු වේවා!"
- - - - - - - - - - - - -
හිතුවටත් වඩා සීයාගේ මරණ වැඩ කටයුතු සියල්ල ම අඩුපාඩුවක් නැතුව ම කරගන්නට හැකි වූයේ පවුලේ නෑදෑයන්, හිතමිත්‍රාදීන් වගේ ම අහළ පහළ උදවියගේ ද නොමසුරු දායකත්වය තුළිනි.
සීයගේ හත් දවසේ දානමය පුණ්‍යකර්මය අවසානයේ මමත් මගේ සැමියා සමුද්‍රත් අපගේ නිවසට පැමිණියේ දෙදෙනාගේ ම රැකියා කටයුතුවලට නැවත සුපුරුදු පරිදි සහභාගිවීමේ අටියෙනි .
සමුද්‍රත් මමත් එක ම රාජ්‍ය ආයතනයක සේවය කරන අතර එහිදී හඳුනාගත් මිතුදම කෙළවර වූයේ මීට මාස කිහිපයකට පෙර අප දෙදෙනාගේ විවාහයෙනි.
නිවසට පැමිණියත් මාගේ මතකය, මාගේ කුඩා කාලයට දිවගියේ සීයා සමඟ ගෙවූ ඒ අපූරු මතකය යළි සිහි ගන්වමිනි .ඇත්තටම සීයගේ මතක, අමතක නොවනා අනුවේදනීය වගේම රසබර කතාවක්. ඒ මතකයෙන් මම පියවි සිහියට ආවේ සමුද්‍රගේ හඬින් ,
"මං මේ අහන්න කියලාමයි හිටියේ,
ඔයාගෙ සීයට "අල්ලපු ගෙදර" කියලා කියන්නේ ඇයි "?
"ඒක දිග කතාවක් සමුද්‍ර , සීයත් එක්ක ඒ දවස්වල ආච්චි අම්මා ඔය දේවල් හරියට මතක් කරනවා"
"මං ආසයි ඒ දිග කතාව දැනගන්න "
ඒ දිනවල ආච්චි අම්මා වගේම සීයත් මතක් කරන, දැන් අතීතයට පමණක් උරුම වූ සීයාගේ අනුවේදනීය මෙන්ම රසබර සිදුවීම් මාලාව චිත්තරූප ගණනාවකින් මා හට මැවී පෙනෙන්නට පටන් ගත්තේ කාල යාත්‍රාවක් හරහා මා අතීතයට ගමන් කරන්නා සේ හැඟුමකිනි.
හමුවෙමු පළමු දිගහැරුමෙන්
++++++
ReplyDelete🙄
DeleteThis comment has been removed by the author.
ReplyDeleteලස්සනයි අනිත් කොටසත් ඉක්මන්ට ලියමු 🖤
ReplyDelete❤️
Delete