Posts

Showing posts from December, 2022

සුසුම් හෙළුවා අතීතෙට මම

Image
 හිරුත් බැසයන සැඳෑ සමයක මිතුරු කන්ථක ළඟ තබාගෙන  සැලෙන මහනෙල් දෙස බලාගෙන  සුසුම් හෙළුවා මම අතීතෙට අහම්බෙන් සඳ නෙත ගැටුණු දින තවම මතකයෙ නොමැකිලා නැත  මතක මන්දිර එකින් එක තව මැවී පෙනුණේ ඒ නිසයි මට මතක මාවත දිගේ ගිය මට නැවත එන්නට වාරු නැති විය අන් පහසකට නුඹත් නතු විය එක ම තැන මා අතරමං විය

.......රිදුම් මතකය

Image
  නො වැලඳගත්තානම් මහමෙරක් මම නොදැනේවි මට  තනිකමක් විඩාබර සිත නොමැකෙනා දුක කඳුලු පා කර  විඳිමි සුවයක් රිදුම් මතකය  තුළින් මොහොතක් සිනාසෙන්නට දරමි වෙහෙසක් රිදුම් දෙන සිත නොපෙනුවත් මම තවම ඇත සිත  තුළ ම කැලලක්