Posts

Showing posts from October, 2022

නවකතාව (කොටස් අංක 2)

Image
 පළමු දිගහැරුම   ( අල්ලපු ගෙදර ) ----------------------------------------------------------- "අද තමයි වැඩ වැඩි ම දවස. හෙට මගේ හාම්පුතා බඳින දවස. මේක එසේ මෙසේ මංගල්ලයක් නම්  නෙවෙයි  පුතෝ.. සබරගමුව පළාතෙම නම හොල්ලපු බුලත් මුදලාලිගෙ වෙඩිම.  ගම් හතක් හොලවන්ඩ හෙට මිනිස්සු පිරෙනවා සත්තයි. රත්නපුර දිස්තිරික්කෙටම  අඬබෙර  ගහලා ඇති මයෙ හිතේ. රබන්  කාරයෝ ද, කෑම උයන්න ගෑණු  ද, එකේක වැඩ කරන උදවිය  ද  බරටම   වැඩ. මුදලාලිගේ ගෙදර මුරකාරයා වෙච්චි  මටත්  බරටම  වැඩ".  රත්නපුරේ ව්‍යාපාරිකයන් අතර තම ස්ව උත්සහයෙන් තම බුලත් ව්‍යාපාරය මෙන්ම මැණික් ව්‍යාපාරය ද දියුණු කරමින් මහල් කිහිපයක නිවසක් ද තමා සතු කරගත් ප්‍රසිද්ධ  රත්නපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් ලෙස  බුලත් මුදලාලි ප්‍රදේශයේ කා අතරත් ප්‍රසිද්ධ ය. "අල්ලපු ගෙදර......  අල්ලපු ගෙදර ...."  ඔන්න මහත්තයා  මට කතා කරනවා.  "මහත්තයා මේ එනවා ..." "අල්ලපු ගෙදර,  අර තැඹිලි ගෙඩි ටික හරියට ගණන් කරලම  අර පැත්තෙන් තියලා තිබ්බනං හොඳයි වගේ"  "හොඳමයි මහත්තයා". ඒ තමයි මගේ හාම්පුතා. මේ තරම් ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් මං දැකලම නෑ.ඔය මට