අරගලයට ගියෙමි



 බඩගිනි තැබුවත් ලිපේ ඉදෙන්නට

අම්මා බලන් ඇති මම එනකල් මඟ

 බූන්දි මල්ලට ඉව කරමින් තව

 පොඩි උන් කඩුල්ලෙ හූල්ලමින් ඇත


 ආවෙ කියන්නයි දුක සැමදෙන අප 

නොගියෙ කරන්නයි අවසන් මේ දුක

 නමුදු උරුම වුනෙ පොලු පහරයි තද

 රිදුනෙ හදවතයි පොලු පහරින් මට


 අම්මට දුක්ගිණි මදිවට මේ දුක

 එනිසයි නොකීවෙ මේ දුක මේ ලෙස

 නොගියත් නිවසට  සුමානෙකින් මම

 බූන්දි මසවුල පරිස්සමින් තව

Comments

Popular posts from this blog

.......රිදුම් මතකය

කෝවලන් හිමි නුඹ පතා,