නවකතාව (කොටස් අංක 2)


 පළමු දිගහැරුම 

 (අල්ලපු ගෙදර )

-----------------------------------------------------------

"අද තමයි වැඩ වැඩි ම දවස. හෙට මගේ හාම්පුතා බඳින දවස. මේක එසේ මෙසේ මංගල්ලයක් නම්  නෙවෙයි  පුතෝ.. සබරගමුව පළාතෙම නම හොල්ලපු බුලත් මුදලාලිගෙ වෙඩිම.  ගම් හතක් හොලවන්ඩ හෙට මිනිස්සු පිරෙනවා සත්තයි. රත්නපුර දිස්තිරික්කෙටම  අඬබෙර  ගහලා ඇති මයෙ හිතේ. රබන්  කාරයෝ ද, කෑම උයන්න ගෑණු  ද, එකේක වැඩ කරන උදවිය  ද බරටම  වැඩ. මුදලාලිගේ ගෙදර මුරකාරයා වෙච්චි  මටත් බරටම වැඩ". 

රත්නපුරේ ව්‍යාපාරිකයන් අතර තම ස්ව උත්සහයෙන් තම බුලත් ව්‍යාපාරය මෙන්ම මැණික් ව්‍යාපාරය ද දියුණු කරමින් මහල් කිහිපයක නිවසක් ද තමා සතු කරගත් ප්‍රසිද්ධ  රත්නපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් ලෙස  බුලත් මුදලාලි ප්‍රදේශයේ කා අතරත් ප්‍රසිද්ධ ය.


"අල්ලපු ගෙදර......

 අල්ලපු ගෙදර ...."


 ඔන්න මහත්තයා  මට කතා කරනවා.


 "මහත්තයා මේ එනවා ..."


"අල්ලපු ගෙදර, 

අර තැඹිලි ගෙඩි ටික හරියට ගණන් කරලම  අර පැත්තෙන් තියලා තිබ්බනං හොඳයි වගේ" 

"හොඳමයි මහත්තයා".


ඒ තමයි මගේ හාම්පුතා. මේ තරම් ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් මං දැකලම නෑ.ඔය මට අල්ලපු ගෙදර  කියලා කියන්නෙත් නිකමට නෙවෙයි. මුදලාලි මහත්තයාගෙ මහ සාගරය වගේ මාලිගාවෙන් එහා පැත්තෙ තියෙන පුංචි පැල මගෙ. මම අල්ලපු වැටේ ඉන්න හින්දා තමයි මට අල්ලපු ගෙදර කියලා කියන්නේ. ඒකෙත් හැටි, කොච්චර ලොකු පොහොසතෙක් වුණත් හැමෝටම එක වගේ සලකනවා. ඒක ඉතින් මගෙන්ම තේරෙනවනෙ. මං ලොකු පොහොසතෙක් නොවුනත් හැමෝම ඉස්සරහ මට අල්ලපු ගෙදර කියලම කතා කරනවා .


"හරි සීදේවි නෝනලු"

"කොණ්ඩෙ තියෙනවලු විලුඹ ගාවටම"

"නෝනගෙ ඇඟ රත්තරං පාටයිලු"


මහත්තයා කියපු වැඩ ටික කරන්න කුස්සියෙ පැත්තට ගියහම කුස්සියෙ වැඩ කරන ගෑණු ටික සංගමයක් හදාගෙන අලුත් නෝනා ගැන කුසු කුසු ගානවා. හැබැයි ඉතින් මාත් දැකලා නැතුවට අහලා තියෙන විදිහට අලුත් නෝනා දිවියාංගනාවක් වගේ කියලා තමයි කියන්නෙ. කොහොමින් කොහොම හරි තැඹිලි ටිකත් ඕන් පිළිවෙළක් කරා.


"අල්ලපු ගෙදර"


"මහත්තයා"


"හෙට මගුල් ගෙදර කියලා පතල් ටිකේ වැඩ එහෙම නවත්තනවා නෙමෙයි.ඒවෑ වැඩ කෙරෙන්ඩ ඕනි."


"හොඳමයි මහත්තයා.

මං බලන්නා."


"හ්ම්"

-------


ඕන්න අද තමයි දවස.හාම්පුතාගෙ වෙඩිම.ගෙදරින් ඕන් දැන් තමයි මහත්තයා පිටත්වෙන නැකත තියෙන්නෙ.


"අල්ලපු ගෙදර...,එහෙනම් මං පිටත් වෙනවා.ගේ දොර බලාගන්ඩ එහෙනම්.මම නැති ටිකේ පතල් ටිකේ වැඩ එහෙම නවත්තනවා එහෙම නෙවෙයි"


"පරිස්සමින් ගිහින් එන්ඩ මහත්තයා.මහත්තයා එනකං මම මේවා බලාගන්නං ඇස් දෙක වගේ."


පිටත්වෙන රථ පේලිය දිහා අල්ලපු ගෙදර බලා සිටියේ එක් අතකින් සතුටකින් වුවද හිතේ දුකක් නැතුවම නොවේ.

 

Comments

Popular posts from this blog

.......රිදුම් මතකය

කෝවලන් හිමි නුඹ පතා,