සුසුම් හෙළුවා අතීතෙට මම

හිරුත් බැසයන සැඳෑ සමයක මිතුරු කන්ථක ළඟ තබාගෙන සැලෙන මහනෙල් දෙස බලාගෙන සුසුම් හෙළුවා මම අතීතෙට අහම්බෙන් සඳ නෙත ගැටුණු දින තවම මතකයෙ නොමැකිලා නැත මතක මන්දිර එකින් එක තව මැවී පෙනුණේ ඒ නිසයි මට මතක මාවත දිගේ ගිය මට නැවත එන්නට වාරු නැති විය අන් පහසකට නුඹත් නතු විය එක ම තැන මා අතරමං විය