.......රිදුම් මතකය

 


නො වැලඳගත්තානම්

මහමෙරක් මම

නොදැනේවි මට 

තනිකමක්


විඩාබර සිත

නොමැකෙනා දුක

කඳුලු පා කර 

විඳිමි සුවයක්


රිදුම් මතකය 

තුළින් මොහොතක්

සිනාසෙන්නට දරමි

වෙහෙසක්


රිදුම් දෙන සිත

නොපෙනුවත් මම

තවම ඇත සිත 

තුළ ම කැලලක්

Comments

Popular posts from this blog

කෝවලන් හිමි නුඹ පතා,