Posts

කෝවලන් හිමි නුඹ පතා,

Image
  සසර පූජා කෙරුව හින්දා  කෝවලන් නුඹ මගෙ වුනා  නුඹේ අත ගෙන සසරෙ ගියමග  කුණාටුවකට හසුවුනා  අකීකරු හිත පැටලුනාදෝ  කුලගෙයින් පිට හිත ගියා  මාගෙ පුදසුනෙ දෑත රැදුනත්  අන් ලදක් ලග නැවතුනා  සැමියෙකු නැති බිරිදක් ඇය  උමතු වී ඔබ රැවටුනා  මුනිවතින් අප තැනුව ප්‍රේමය  රන්හුයෙන් සීමා වුනා  ඇය නොරැක්කත් ඇගේ පතිවත  සියක් දෙනෙකුන් අරඹයා  රකිමි පතිවත නිතිපතා මා  කෝවලන් හිමි නුඹ පතා 

පටාචාරාවක් ද නොවේ, කිසාගෝතමියක් ද නොවේ ,

Image
 නැත මා හට නෑදෑ පරපුරක් ලොවේ  නැත මා හට නැවතුමකට ගෙයක් තොසේ  නැත මා හට සැමියෙකු අත දෙන්න මෙසේ  ඇත මා හට බිලිදෙකු සුරකින්න ලොවේ අප හැරදා මිගිදා ගොස් පෝ අටකි නෑදෑයන් මා එලවා අඩ වසකි රැකියාවක් නොමැතිව මා කල් ගෙවතී කටුගස් රැසකි මා හට දුර ම0 පෙනෙති  නැත කන්නට  බත් අහුරක් වේලකට නැත දෙන්නට කිරි හැන්දක් දරුවාට  නැත සරණක් කිසි ලෙසකින් දැකගන්නට  දවසක් ඒද අපටත් ඉර පායන්ට ......

එය එසේම විය ...

Image
 

සීදේවිය හා මූදේවිය

Image
 සීදේවිය  රන්පැහැ ගැන්වුණු කෙහෙරැලි පීරා  කුඩා දෑස් අග සිනහව රන්දා  ලාලිත ගමනින් පා යුග ඔසවා  සීදේවිය ආරූඩෙන් වඩිනා  මූදේවිය  ගිනිසිළු පරදන කෝපය රන්දා  යක්ශ වේශ ගත සිරුරෙහි බන්දා  විදුලි වේගයෙන් පා ඔසවන්නා  මූ දේවිය ආරූඩෙන් එන්නා

දෙවෙන්දොරා වෙත ලියමි,

Image
  නැතත් තොල්මත සායම්    කහපාට කිමෝනා සළුවට    මා හැඩ බව    ඔය ඇස් තෙපලූ වදන් ....   ලැබුනද මිල මුදල්    දුප්පත් කෝපි හල් තුල    බස් දෙඩවූ    වරු ගණන්.....   හදට දැනෙනා    නේක චායා   කෙරුවද ඔබ    බිතු සිතුවම්....   මෙමා ඔබහට   නොදැනුනාදෝ   නොඇන්දේ ඇයි     මාගෙ සිතුවම්....        නොරිකෝ ... .