පටාචාරාවක් ද නොවේ, කිසාගෝතමියක් ද නොවේ ,

 නැත මා හට නෑදෑ පරපුරක් ලොවේ

 නැත මා හට නැවතුමකට ගෙයක් තොසේ

 නැත මා හට සැමියෙකු අත දෙන්න මෙසේ

 ඇත මා හට බිලිදෙකු සුරකින්න ලොවේ


අප හැරදා මිගිදා ගොස් පෝ අටකි

නෑදෑයන් මා එලවා අඩ වසකි

රැකියාවක් නොමැතිව මා කල් ගෙවතී

කටුගස් රැසකි මා හට දුර ම0 පෙනෙති 


නැත කන්නට  බත් අහුරක් වේලකට

නැත දෙන්නට කිරි හැන්දක් දරුවාට 

නැත සරණක් කිසි ලෙසකින් දැකගන්නට 

දවසක් ඒද අපටත් ඉර පායන්ට


......








Comments

Post a Comment

Popular posts from this blog

.......රිදුම් මතකය

කෝවලන් හිමි නුඹ පතා,