සන්දේශය


 

උගත් මහත් හිමි පඩිවරු

 ලියා තැබූ කවි පබැඳුම්

 රැගෙන ගියේ තෙලි තුඩකින්

 හ0ස ගිරා ලිහිණි රජුන් 


නොවුනත් මා පඩිරුවනක්

 තිබේ මටත් පණිවිඩයක් 

පණිවිඩකරුවෙක් සොයන්න

 දරමි වෙහෙස තව තවමත් 


හ0ස ගිරා  ලිහිණි රජුන් 

සොයා ගියෙමි කිහිපවිටක් 

වාරු නැතැයි දැන් කියමින් 

ඉකිබින්දා මහලු නෙතින් 


සරසවියේ ඉගෙන ගන්න 

ලොකු නෝනා කෙනෙක් වෙන්න

 අත්තම්මා කියු දේවල්

 මතකයෙ ඇත හැමදාමත්


 අත්තම්මා මියැදීලා

 පෝය තුනකි අද වනවිට

 ඇගේ සිහින පැතුම් පොදිය

 දුටුවේ ඇය මගේ නමින් 


මා සරසවි සිසුවෙකු බව 

දන්වන්නට ඕනෑ මට 

නමුත් කෙලෙස දන්වන්න ද 

පණිවිඩකරුවෙක් නැති මම


 මාගේ මේ දුක ඇසුනා 

සක් දෙවියන් බිම බැලුවා 

වලාකුලක් මට දීලා

 මෙහි ලියලා දෙනු කීවා 


සක්දෙවියන් අත රන්දා 

පණිවිඩයට සමු දුන්නා 

බලා සිටිමි සැමදා මා 

පිලිතුරු ලිපි ලැබෙන තුරා 


Comments

Post a Comment

Popular posts from this blog

.......රිදුම් මතකය

කෝවලන් හිමි නුඹ පතා,