සබරගමුව වසන්තය Get link Facebook X Pinterest Email Other Apps - May 29, 2022 දෝරෙ ගලනා සිහින ඡායා පැතුම් හා අප එක් වුණා පැතුම් පොදි බැඳ පැමිණි විගසට තාක්ෂණයට කොටුවුණා නොසිතු යදමින් බැඳුණු කොටුවක අනේ අපි සැම සිරවුණා යදම් බැමි බිඳ හෙලා දමමින් වසන්තය දැන් පැමිණුනා Read more
ගුරුතුමාණන් වෙත, Get link Facebook X Pinterest Email Other Apps - February 07, 2022 "සකලයාණනේ සැරදේ මේ මිහිතල මත තෙලි තුඩකින් ගෙනයනවද මා අත පබැඳුම රුවන්පුරයෙ මේ කොන සිට ඒ කොන මත්තට ගෙනයනු මැන හනික නැවුම් මේ කවිපද වැල" Read more
තැබෑරුම Get link Facebook X Pinterest Email Other Apps - January 29, 2022 නිදිවරමි වෙහෙසවෙමි රාත්‍රිය පුරාවට හෙට ලෝකය ජයගැන්මට, නමුදු සේනාවකි මා වටකර ඔවුන් පැමිණ ඇත්තේ සොයාගෙන තැබෑරුම මදුරුවනි, අදත් ඔබෙ තැබෑරුම මමද (සජිදා ධර්මසේන ) Read more
වෙමි මා අප්සරා Get link Facebook X Pinterest Email Other Apps - January 29, 2022 වෙමි මා අප්සරා සිහිගිරි ගල මත ඔබ දෙස නොබැලුවේ තරහකින් නම් නොව, උඩුකයේ සළු නැතිව මා අද කෙලෙසනම් මා ඔබ බලන්න ද , නොබැලුව නිසාදෝ ඔය රුව , ගෑවේ තාර මා තුළ තරහක් නෑ ඔබ ගැන නොකරන් තවත් ඔය වැඩ Read more
"අහසකට ලස්සනම ගෑවමයි දම්පාට"..... Get link Facebook X Pinterest Email Other Apps - January 28, 2022 Read more
උපන් දිනයලු මගෙ ඉතින් Get link Facebook X Pinterest Email Other Apps - January 24, 2022 කේක් ඕනිලු පාටි ඕනිලු උපන් දිනයට මගෙ ඉතින් අනේ කොහොමද සතුටු වෙන්නේ උපන් දිනයට මා ඉතින් මගේ අම්මා නෙක දුක් විද මා මෙලොවට බිහි කළ දින මා කෙලෙසින් තුටු වන්නද කේක් කපා හරි හරියට Read more
දෙවෙන්දොරාට ලියමි , Get link Facebook X Pinterest Email Other Apps - January 12, 2022 නැතත් තොල්මත සායම් කහපාට කිමෝනා සළුවට මා හැඩ බව ඔය ඇස් තෙපලූ වදන් .... ලැබුනද මිල මුදල් දුප්පත් කෝපි හල් තුල බස් දෙඩවූ වරු ගණන්..... හදට දැනෙනා නේක චායා කෙරුවද ඔබ බිතු සිතුවම්.... මෙමා ඔබහට නොදැනුනාදෝ නොඇන්දේ ඇයි මාගෙ සිතුවම්.... නොරිකෝ ... . Read more
සන්දේශය Get link Facebook X Pinterest Email Other Apps - January 01, 2022 උගත් මහත් හිමි පඩිවරු ලියා තැබූ කවි පබැඳුම් රැගෙන ගියේ තෙලි තුඩකින් හ0ස ගිරා ලිහිණි රජුන් නොවුනත් මා පඩිරුවනක් තිබේ මටත් පණිවිඩයක් පණිවිඩකරුවෙක් සොයන්න දරමි වෙහෙස තව තවමත් හ0ස ගිරා ලිහිණි රජුන් සොයා ගියෙමි කිහිපවිටක් වාරු නැතැයි දැන් කියමින් ඉකිබින්දා මහලු නෙතින් සරසවියේ ඉගෙන ගන්න ලොකු නෝනා කෙනෙක් වෙන්න අත්තම්මා කියු දේවල් මතකයෙ ඇත හැමදාමත් අත්තම්මා මියැදීලා පෝය තුනකි අද වනවිට ඇගේ සිහින පැතුම් පොදිය දුටුවේ ඇය මගේ නමින් මා සරසවි සිසුවෙකු බව දන්වන්නට ඕනෑ මට නමුත් කෙලෙස දන්වන්න ද පණිවිඩකරුවෙක් නැති මම මාගේ මේ දුක ඇසුනා සක් දෙවියන් බිම බැලුවා වලාකුලක් මට දීලා මෙහි ලියලා දෙනු කීවා සක්දෙවියන් අත රන්දා පණිවිඩයට සමු දුන්නා බලා සිටිමි සැමදා මා පිලිතුරු ලිපි ලැබෙන තුරා Read more
මග බලා සිටිමි , Get link Facebook X Pinterest Email Other Apps - January 01, 2022 මග බලාගෙන හිටියෙ ම0 මේ දෙස් තියන්නයි කොහොමටත් දෙස් තියන්නත් අනේ ඔබ නෑ සැගවුනාදෝ ඔබ යලිත් තාත්තා එනතුරා අම්මා මග බලා සිටිනා ලෙසින් මමත් මේ දැන් බලා ඉන්නේ එනතුරා ඔබ ඉක්මනින් බලා සිටියා ඇගිලි ගැන්නා අනේ ඔබ නෑ තවමටත් නොහැක ඉන්නට තවත් නම් මට කුප්පි එලියෙන් තව තවත් මාගෙ කවි සිත කියෙව්වාදෝ ඔබ පැමිණියා ඉක්මනින් අනේ අම්මට කියා එන්නම් ඔබ පැමිණි වග තුටුවතින් අම්මේ ලයිට් ආවා ,,, Read more
කෝවලන් හිමි නුඹ පතා, Get link Facebook X Pinterest Email Other Apps - November 20, 2021 සසර පූජා කෙරුව හින්දා කෝවලන් නුඹ මගෙ වුනා නුඹේ අත ගෙන සසරෙ ගියමග කුණාටුවකට හසුවුනා අකීකරු හිත පැටලුනාදෝ කුලගෙයින් පිට හිත ගියා මාගෙ පුදසුනෙ දෑත රැදුනත් අන් ලදක් ලග නැවතුනා සැමියෙකු නැති බිරිදක් ඇය උමතු වී ඔබ රැවටුනා මුනිවතින් අප තැනුව ප්‍රේමය රන්හුයෙන් සීමා වුනා ඇය නොරැක්කත් ඇගේ පතිවත සියක් දෙනෙකුන් අරඹයා රකිමි පතිවත නිතිපතා මා කෝවලන් හිමි නුඹ පතා Read more
පටාචාරාවක් ද නොවේ, කිසාගෝතමියක් ද නොවේ , Get link Facebook X Pinterest Email Other Apps - November 04, 2021 නැත මා හට නෑදෑ පරපුරක් ලොවේ නැත මා හට නැවතුමකට ගෙයක් තොසේ නැත මා හට සැමියෙකු අත දෙන්න මෙසේ ඇත මා හට බිලිදෙකු සුරකින්න ලොවේ අප හැරදා මිගිදා ගොස් පෝ අටකි නෑදෑයන් මා එලවා අඩ වසකි රැකියාවක් නොමැතිව මා කල් ගෙවතී කටුගස් රැසකි මා හට දුර ම0 පෙනෙති නැත කන්නට බත් අහුරක් වේලකට නැත දෙන්නට කිරි හැන්දක් දරුවාට නැත සරණක් කිසි ලෙසකින් දැකගන්නට දවසක් ඒද අපටත් ඉර පායන්ට ...... Read more
සීදේවිය හා මූදේවිය Get link Facebook X Pinterest Email Other Apps - November 01, 2021 සීදේවිය රන්පැහැ ගැන්වුණු කෙහෙරැලි පීරා කුඩා දෑස් අග සිනහව රන්දා ලාලිත ගමනින් පා යුග ඔසවා සීදේවිය ආරූඩෙන් වඩිනා මූදේවිය ගිනිසිළු පරදන කෝපය රන්දා යක්ශ වේශ ගත සිරුරෙහි බන්දා විදුලි වේගයෙන් පා ඔසවන්නා මූ දේවිය ආරූඩෙන් එන්නා Read more
දෙවෙන්දොරා වෙත ලියමි, Get link Facebook X Pinterest Email Other Apps - November 01, 2021 නැතත් තොල්මත සායම් කහපාට කිමෝනා සළුවට මා හැඩ බව ඔය ඇස් තෙපලූ වදන් .... ලැබුනද මිල මුදල් දුප්පත් කෝපි හල් තුල බස් දෙඩවූ වරු ගණන්..... හදට දැනෙනා නේක චායා කෙරුවද ඔබ බිතු සිතුවම්.... මෙමා ඔබහට නොදැනුනාදෝ නොඇන්දේ ඇයි මාගෙ සිතුවම්.... නොරිකෝ ... . Read more