Posts

අරගලයට ගියෙමි

Image
 බඩගිනි තැබුවත් ලිපේ ඉදෙන්නට අම්මා බලන් ඇති මම එනකල් මඟ  බූන්දි මල්ලට ඉව කරමින් තව  පොඩි උන් කඩුල්ලෙ හූල්ලමින් ඇත  ආවෙ කියන්නයි දුක සැමදෙන අප  නොගියෙ කරන්නයි අවසන් මේ දුක  නමුදු උරුම වුනෙ පොලු පහරයි තද  රිදුනෙ හදවතයි පොලු පහරින් මට  අම්මට දුක්ගිණි මදිවට මේ දුක  එනිසයි නොකීවෙ මේ දුක මේ ලෙස  නොගියත් නිවසට  සුමානෙකින් මම  බූන්දි මසවුල පරිස්සමින් තව

නවකතාව (කොටස් අංක 1)

Image
  අල්ලපු ගෙදර  "ජීවිතය වූ කලී, සුන්දරවූත් අසුන්දරවූත් මතක පිටු අතර සැරිසරනා අපූර්ව  චාරිකාව කි.  මතක මන්දිර රැඳි  ජීවිත චාරිකාවේ අවසානය, කඳුළක් වුව ද එහි අනුවේදනීය මෙන් ම රසබර සංසිද්ධීන් අමතක නොවනා  මතක  කතාවකි....."   ආරම්භය  " ඉදං මේ     ඥාතීනං   හෝතු  සුඛිතා හොන්තු  ඥාතයෝ ඉදං මේ  ඥාතීනං  හෝතු සුඛිතා හොන්තු   ඥාතයෝ ඉදං මේ     ඥාතීනං  හෝතු  සුඛිතා හොන්තු ඥාතයෝ...." "ඔබ අප නමින් මියගිය කුමාර උපාසක මහත්තයා නැත්නම්  අපි  හැමෝම දන්නා අල්ලපු  ගෙදර මහත්තයා  හට මේ පින් ලැබේවා! .ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකින්නට  මේ පින හේතු වේවා!" - - - - - - - - - - - - -  හිතුවටත් වඩා සීයාගේ  මරණ වැඩ කටයුතු  සියල්ල ම අඩුපාඩුවක් නැතුව ම කරගන්නට හැකි වූයේ පවුලේ  නෑදෑයන්, හිතමිත්‍රාදීන්  වගේ ම අහළ පහළ උදවියගේ ද  නොමසුරු දායකත්වය තුළිනි.   සීයගේ හත් දවසේ දානමය පුණ්‍යකර්මය අවසානයේ මමත්  මගේ සැමියා සමුද්‍රත් අපගේ නිවසට පැ...

විරුසිසුන් නොනිදා සටන් වැද......

Image
 

සබරගමුව වසන්තය

Image
  දෝරෙ ගලනා සිහින ඡායා පැතුම් හා  අප එක් වුණා  පැතුම් පොදි බැඳ පැමිණි විගසට තාක්ෂණයට කොටුවුණා නොසිතු යදමින් බැඳුණු කොටුවක අනේ අපි සැම සිරවුණා  යදම් බැමි බිඳ හෙලා දමමින් වසන්තය දැන් පැමිණුනා

ගුරුතුමාණන් වෙත,

Image
    "සකලයාණනේ සැරදේ මේ මිහිතල මත   තෙලි තුඩකින් ගෙනයනවද මා අත පබැඳුම    රුවන්පුරයෙ මේ කොන සිට ඒ කොන මත්තට  ගෙනයනු මැන හනික නැවුම් මේ කවිපද වැල" 

තැබෑරුම

Image
නිදිවරමි වෙහෙසවෙමි රාත්‍රිය  පුරාවට  හෙට  ලෝකය  ජයගැන්මට, නමුදු  සේනාවකි මා  වටකර ඔවුන් පැමිණ ඇත්තේ  සොයාගෙන තැබෑරුම මදුරුවනි, අදත් ඔබෙ  තැබෑරුම මමද                     (සජිදා ධර්මසේන )   

වෙමි මා අප්සරා

Image
  වෙමි  මා  අප්සරා  සිහිගිරි ගල  මත  ඔබ දෙස නොබැලුවේ  තරහකින් නම් නොව, උඩුකයේ සළු නැතිව මා අද කෙලෙසනම් මා  ඔබ බලන්න ද , නොබැලුව නිසාදෝ  ඔය රුව , ගෑවේ තාර මා තුළ  තරහක් නෑ  ඔබ  ගැන   නොකරන් තවත්  ඔය වැඩ

"අහසකට ලස්සනම ගෑවමයි දම්පාට".....

Image
 

උපන් දිනයලු මගෙ ඉතින්

Image
 කේක් ඕනිලු පාටි ඕනිලු උපන් දිනයට  මගෙ ඉතින්  අනේ කොහොමද  සතුටු වෙන්නේ  උපන් දිනයට මා ඉතින්  මගේ අම්මා  නෙක දුක් විද මා මෙලොවට  බිහි කළ දින මා කෙලෙසින් තුටු වන්නද කේක් කපා  හරි හරියට 

ගීතමය විග්‍රහය 01

Image
 

ගීතමය විග්‍රහය 02

Image
 

ගීතමය විග්‍රහය 03

Image
 

ගිතමය විග්‍රහය 04

Image
              

දෙවෙන්දොරාට ලියමි ,

Image
    නැතත් තොල්මත සායම්    කහපාට කිමෝනා සළුවට    මා හැඩ බව    ඔය ඇස් තෙපලූ වදන් ....   ලැබුනද මිල මුදල්    දුප්පත් කෝපි හල් තුල    බස් දෙඩවූ    වරු ගණන්.....   හදට දැනෙනා    නේක චායා   කෙරුවද ඔබ    බිතු සිතුවම්....   මෙමා ඔබහට   නොදැනුනාදෝ   නොඇන්දේ ඇයි     මාගෙ සිතුවම්....        නොරිකෝ ... .

පොඩිනා

Image
                                 

සන්දේශය

Image
  උගත් මහත් හිමි පඩිවරු  ලියා තැබූ කවි පබැඳුම්  රැගෙන ගියේ තෙලි තුඩකින්  හ0ස ගිරා ලිහිණි රජුන්  නොවුනත් මා පඩිරුවනක්  තිබේ මටත් පණිවිඩයක්  පණිවිඩකරුවෙක් සොයන්න  දරමි වෙහෙස තව තවමත්  හ0ස ගිරා  ලිහිණි රජුන්  සොයා ගියෙමි කිහිපවිටක්  වාරු නැතැයි දැන් කියමින්  ඉකිබින්දා මහලු නෙතින්  සරසවියේ ඉගෙන ගන්න  ලොකු නෝනා කෙනෙක් වෙන්න  අත්තම්මා කියු දේවල්  මතකයෙ ඇත හැමදාමත්  අත්තම්මා මියැදීලා  පෝය තුනකි අද වනවිට  ඇගේ සිහින පැතුම් පොදිය  දුටුවේ ඇය මගේ නමින්  මා සරසවි සිසුවෙකු බව  දන්වන්නට ඕනෑ මට  නමුත් කෙලෙස දන්වන්න ද  පණිවිඩකරුවෙක් නැති මම  මාගේ මේ දුක ඇසුනා  සක් දෙවියන් බිම බැලුවා  වලාකුලක් මට දීලා  මෙහි ලියලා දෙනු කීවා  සක්දෙවියන් අත රන්දා  පණිවිඩයට සමු දුන්නා  බලා සිටිමි සැමදා මා  පිලිතුරු ලිපි ලැබෙන තුරා 

මග බලා සිටිමි ,

Image
  මග බලාගෙන  හිටියෙ ම0 මේ  දෙස් තියන්නයි කොහොමටත්  දෙස් තියන්නත්  අනේ ඔබ නෑ  සැගවුනාදෝ ඔබ යලිත්  තාත්තා එනතුරා අම්මා  මග බලා සිටිනා ලෙසින්  මමත් මේ දැන් බලා ඉන්නේ  එනතුරා ඔබ ඉක්මනින්  බලා සිටියා  ඇගිලි ගැන්නා  අනේ ඔබ නෑ තවමටත්  නොහැක ඉන්නට  තවත් නම් මට  කුප්පි එලියෙන් තව තවත්  මාගෙ කවි සිත කියෙව්වාදෝ  ඔබ පැමිණියා ඉක්මනින්  අනේ අම්මට කියා එන්නම්  ඔබ පැමිණි වග තුටුවතින්                   අම්මේ ලයිට් ආවා ,,,

කෝවලන් හිමි නුඹ පතා,

Image
  සසර පූජා කෙරුව හින්දා  කෝවලන් නුඹ මගෙ වුනා  නුඹේ අත ගෙන සසරෙ ගියමග  කුණාටුවකට හසුවුනා  අකීකරු හිත පැටලුනාදෝ  කුලගෙයින් පිට හිත ගියා  මාගෙ පුදසුනෙ දෑත රැදුනත්  අන් ලදක් ලග නැවතුනා  සැමියෙකු නැති බිරිදක් ඇය  උමතු වී ඔබ රැවටුනා  මුනිවතින් අප තැනුව ප්‍රේමය  රන්හුයෙන් සීමා වුනා  ඇය නොරැක්කත් ඇගේ පතිවත  සියක් දෙනෙකුන් අරඹයා  රකිමි පතිවත නිතිපතා මා  කෝවලන් හිමි නුඹ පතා 

පටාචාරාවක් ද නොවේ, කිසාගෝතමියක් ද නොවේ ,

Image
 නැත මා හට නෑදෑ පරපුරක් ලොවේ  නැත මා හට නැවතුමකට ගෙයක් තොසේ  නැත මා හට සැමියෙකු අත දෙන්න මෙසේ  ඇත මා හට බිලිදෙකු සුරකින්න ලොවේ අප හැරදා මිගිදා ගොස් පෝ අටකි නෑදෑයන් මා එලවා අඩ වසකි රැකියාවක් නොමැතිව මා කල් ගෙවතී කටුගස් රැසකි මා හට දුර ම0 පෙනෙති  නැත කන්නට  බත් අහුරක් වේලකට නැත දෙන්නට කිරි හැන්දක් දරුවාට  නැත සරණක් කිසි ලෙසකින් දැකගන්නට  දවසක් ඒද අපටත් ඉර පායන්ට ......

එය එසේම විය ...

Image
 

සීදේවිය හා මූදේවිය

Image
 සීදේවිය  රන්පැහැ ගැන්වුණු කෙහෙරැලි පීරා  කුඩා දෑස් අග සිනහව රන්දා  ලාලිත ගමනින් පා යුග ඔසවා  සීදේවිය ආරූඩෙන් වඩිනා  මූදේවිය  ගිනිසිළු පරදන කෝපය රන්දා  යක්ශ වේශ ගත සිරුරෙහි බන්දා  විදුලි වේගයෙන් පා ඔසවන්නා  මූ දේවිය ආරූඩෙන් එන්නා

දෙවෙන්දොරා වෙත ලියමි,

Image
  නැතත් තොල්මත සායම්    කහපාට කිමෝනා සළුවට    මා හැඩ බව    ඔය ඇස් තෙපලූ වදන් ....   ලැබුනද මිල මුදල්    දුප්පත් කෝපි හල් තුල    බස් දෙඩවූ    වරු ගණන්.....   හදට දැනෙනා    නේක චායා   කෙරුවද ඔබ    බිතු සිතුවම්....   මෙමා ඔබහට   නොදැනුනාදෝ   නොඇන්දේ ඇයි     මාගෙ සිතුවම්....        නොරිකෝ ... .